තව වතාවක් මට මතකයි (මේක
අර කලින් කී ආයතනයට සම්බන්ධ නැහැ.) එක්තරා බෝගයකට වසංගතයක් මට්ටමට රෝගයක් බෝවීගෙන
ගියා. ඒ අනුව ඒ සදහා ප්‍රතිකර්ම යෙදීමට මධ්‍යකාලීනව යම් මුදලක් අනුමත කරනු ලැබුවා.
නියමිත කාලය ඉවර වෙලා මුදල් ප්‍රමාණයත් ඉවරවෙලා ඊලග අවුරුද්දේ මුදල් වෙන්කිරීමේ
අවස්ථාවෙදි විශාල ප්‍රශ්නයක්. අදාල දෙපාර්තමේන්තුව තවදුරටත් මුදල් ඉල්ලනවා. ඒත් සාමාන්‍ය
මතය වුණේ අනුමත මුදල් සහ කාලය ඉවර වෙලා හන්දා තවදුරටත් සල්ලි දෙන්න බැහැ කියා. අදාල
අනුමැතිය ගැන අර රෝගකාරකයා වුනු වයිරසයට දැනීමක් නැතිද කියා ඇසුවත් බොහෝ දෙනෙක්ට
එය වැටහුනේ නැහැ. බොහෝ වෙලාවට අවශ්‍ය වන්නේ අදාල කාර්‍ය ඉෂ්ට වුනාද නැද්ද කියන එක
ගැන සමාලෝචනයක් කර අවශ්‍ය වේ නම් ඉලක්කගත ලෙස තවදුරටත් මුදල් ලබාදීම සදහා පියවර
ගැනීමයි. ඒ සදහා අතුරු අනුමැතියක් අවශ්‍ය වේ නම් ඒ සදහා කටයුතු කරන්න පුලුවනි. ඒත්
ඉතින් මොකටද එච්චර කරදර වෙන්නේ?
ඊයේ පෙරේදා දිනයක රයිගම
රාජධානියෙන් ගිණිකොන පැත්තේ ඇති ගම්මාන වල චාරිකාවක යෙදෙන්න හැකි වුණා. ඒ පැත්තේ
තියෙන්නේ බොල්ගොඩ ගග ආශ්‍රිත වගුරුබිම්. අටුළුගම කන්දේ තිබුණයි කියෙන අට්ටාල ඒ පැත්තෙන්
සතුරන් ගැන සෙවිල්ලෙන් ඉන්න ඉදිකරන්න ඇතැයි කියලයි අපේ මිතුරු පුරාවිද්‍යාඥයා
කීවේ. අනෙක ඒ පැත්තේ වගුරු බිම් හන්දා වැඩි ජනාවාස වෙලා නැති හැඩයි. ඒ හරියේ
තිබුනු පන්සල් සියල්ලම පාහේ පසුකාලීනව ඉදිකෙරුනු ඒවා. වාද්දුව පැත්තට බර වෙන්න
පැරණි පන්සල් දකින්නට පුළුවන්. වාද්දුවේ පල්ලියේ ඉතිහාසයත් 1883 දක්වා යන බව එහි
සදහන් පුවරුවලින් කියවෙනවා. එහෙත් එහි ඇති දේවමෑනියන්ගේ ප්‍රතිමාව මුහුදෙන් පාවී
ආපු ලීයෙන් කල එකක් බවත් එය අවුරුදු 400 ක් පමණ පැරණි බවයි බැතිමතුන්ගේ මතය.
වාද්දුවේ ශුද්ධාත්ම දෙව් මැදුර
දේව ප්‍රතිමාව
තල්පිටියේ දළදාවත්ත පන්සලේ බිතු සිතුවම්
වාද්දුව මහා විහාරයේ ඹ්ලන්ද ගෘහ නිර්මාණ ආභාෂය ලද පිළිමගෙය
No comments:
Post a Comment