මේ සැරේ කොළඹ පොත් ප්‍රදර්ශනයට
ගියත් මට ගන්න ලැබුනේ එක පොතක් විතරයි. ඒ පුෂ්පානන්ද ඒකනායක කතුවරයා ලියූ හොස්ටල්
කොලම. සෙනග අතරේ තෙරපි තෙරපි අමාරුවෙන් පොත් බලන්න අමාරුයි. එහෙම නොවෙන්න නම් සෑම
පොත් ප්‍රදර්ශන කුටියක්ම විශාලව හදන්න ඹ්නා. ඒගොල්ල එහෙම නොකරන්නේ ප්‍රායොගික
අපහසුතා හන්දම නොවේ කියන එකයි මට තේරුණේ. මීමැස්සො වගේ පොදි කකා තෙරපි තෙරපි පොත්
විකුණන වෙළද කුටියකට ඇති ඉල්ලුම වැඩි ඇති. නැත්නම් පෙනෙන්නේ මැස්සො ඇහිරෙන තැනක
වෙලදාම අඩු වෙන්න ඒක හේතු වනවා ඇති.
හොස්ටල් කොලමට නැවත ආවොත්
පුවත්පත් කලාවේදියකු වන පුෂ්පානන්ද ඒකනායක සති අන්ත පත්තරයකට ලියුව කොලම තමයි
පොතක් හැටියට එලිදක්වා තියෙන්නේ. ඔහු ඉගෙන ගත්තු මහනුවර ධර්මරාජයේ නේවාසිකාගාරයේ
ජීවිතය ගැන තමයි මේ පොත. කාලවකවානුව හැත්තෑවෙ දශකය හන්දා අපේ නේවාසිකාගාර ජීවිතයට
කිට්ටුයි. ඒ විතරක් නෙවෙයි, උදේ පහට නැගිට්ට වෙලාවේ සිට රාත්‍රී නමයට නින්දට යන
වෙලාව දක්වා කාල සටහන කොළඹ තිබුනු අපේ නේවාසිකාගාරයට සමානයි. ඊට අමතරව hostel trips සහ නේවාසික දිනයන් ආදිය බොහෝ දුරට සමානයි. ලොකුම වෙනස තමයි ධර්මරාජේ landscape එක. පඩිපේලි, කඳුගැට ආදිය සහිත ඉස්කෝලයක් බොහොම ලස්සන ඇති.
අපි ගමේ ඉස්කොලෙ ඉඳන් කොළඹට එනතුරු
හිතා හිටියේ පාසල් ගොඩනැගිලි කියන්නේ මිටි බිත්ති හා කනු කිහිපියකින් වට වෙච්ච
ලොකු බාල්ක සහිතව සෘජුකොනාශ්‍රාකාර, පල දෙකට වහලය ගහපු, රට උළු (පරන නම් සිංහල
උළු) සෙවිල්ලපු ගොඩනැගිලි පමනයි කියා. පාසල් වල සම්පූර්ණයෙන් බිත්තිවලින් වටවුණු
ශාලා සහිත ගොඩනැගිලි තියෙන්නට පුළුවන් බව පසුව අපට තේරුණා. ඒත් පාසල කියන හිතේ ඇඳිලා තිබුණු චිත්‍රයේ
හැමදාම තිබුනේ කලින් කී වර්ගයේ ගොඩනැගිලි.
හයේ හෝ හතේ පන්තියේ ඉංග්‍රීසි
අච්චු පොතේ පාසලක් ගැන කතාවක් තිබුණා. පාසල තලාහේන මහා විද්‍යාලය. මම ඒ පාඩමට
කැමතියි. ඒ එහි ඇඳ තිබූ අර කලින් කී විදිහේ පාසල් ගොඩනැගිලි හන්දා වෙන්න බොහොම ඉඩ තියෙන්නේ
දැනටත් එය මතක හන්දා. ඒ කාලේ ඒක ඉතාම කෙටි අතීත කාමයක්.
No comments:
Post a Comment