Wednesday, June 29, 2016

සෙල්ලිපි

ඉදලා හිටලා facebook  ගිහින් ‍photo කිහිපයක් දැම්මහම ඒවට බොහෝ ප්‍රතිචාර ලැබී තිබුණා. බණ්ඩාරගම රඹුක්කන රජමහා විහාරයේ ඇති සෙල්ලිපියේ photo එකට මුලින්ම ප්‍රතිචාර දක්වා තිබුණේ අපේ මිත්‍ර බ්‍රසීලයේ ඹලිවේරා. ඔහු නිතරම facebook එකේ ඉන්න අයෙක්. ඔහු අසා තිබුණේ මේ සෙල්ලිපිය කොයි තරම් පැරනිද කියා. ඇත්තටම එය ක්‍රිස්තු පූර්ව පලමුවන සියවස හෝ ක්‍රිස්තු වර්ෂ පලමුවන සියවසට අයත් වන බවයි හදුනාගෙන තිබෙන්නේ. මෙම පින්තූරය වැඩියම දැම්මේ එය ප්‍රදර්ශනය කර ඇති ආකාරය සහ ඒ අවට පවත්වාගෙන යන හැටි අසතුටුදායක බව පෙන්වන්න. මේ විපරම් හේතුවෙන් සෙල්ලිපියේ වඩා සමීපරූප සහිත ඡායාරූප වලින් කිහිපයක්ද පලකළා.


මම හිතන්නේ එය කලුතර දිස්ත්‍රික්කයේ පැරනිම සෙල්ලිපිය වන්න ඹ්නා. පොකුණුවිට සෙල්ලිපිය අටවන සියවසේ වගෙයි මතක. ඒවගේම වැලිමිල්ල සෙල්ලිපියේ කාලය අමතකයි. මේ කරුණු වැදගත් වන්නේ මේ කාලයේ තෙත් කලාපයේ ශිෂ්ඨාචාරය ගැන අපි එතරම් තොරතුරු දන්නේ නැති එහෙම නැත්නම් අප්‍රකට හන්දා. රයිගම ගැන කෙරෙන හැදෑරීමේදි පෙනී ගිය පරිදි අපි හිතුවාට වඩා වැඩි වැව් ගණනක් මේ ප්‍රදේශයේ තියනවා. කළින් හිතා හිටියේ රයිගම් බණ්ඩාර රජුන් කළැයි සැලකෙන උයන්වත්ත, වෑවිට, වල්ගම හා ගම්මන්පිල වැව් පමණක් මෙහි ඇත්තේ කියා. සුදේවි කියපු විදිහට අවට වැව් දහසයක් අදුරාගෙන තියෙනවා. ඒවා බොහොමයක් කුඩා වැව්. ඒ අනුව යම් ආකාරයක වාරි පද්ධතියක ලකුණු හදුනාගන්න පුළුවන්. ඒවා අතරින් වැලිකල වැව, ඹලබොඩුව වැව යනාදී බොහොමයක් වැව් ගොඩ වෙලා හෝ ගොඩ කරලා.


පුරාවිද්‍යාත්මක වැදගත්කමනක් ඇති කලුතර දිස්ත්‍රික්කයේ ඇති තවත් පන්සලක් වන වරකාගොඩ පන්සලට යන්න හාමුදුරුවන් සමග කතා කර ගත්තා. හාමුදුරුවන් කීවේ මෑත ඉතිහාසයේ බොහෝ කාරනා දැනගන්නට පුළුවන් තවත් මූලාශයක් ගැන. ඒ තමයි පාසල් වල ලොග් සටහන් පොත්. ඒ ගමන සතියේ දවසක දහවල් එකහමාරට කළින් යොදා ගත්තොත් අපිට පාසල් දෙක තුනකට යන්න පුළුවන් වෙයි. 

Saturday, June 25, 2016

සෞම්යා මිනිසුනේ

හැම සති අන්තයකම පාහේ කොළඹ නාට්‍යක්, සංගීත වැඩසටහනක් ආදී කලා කටයුතු කෙරෙනවා. බොහෝවිට ඒවා පැවැත්වෙන්නේ හවස් යාමයේ. ඉවර වෙද්දි රාත්‍රී දහය විතර වෙනවා. මේවට එන සෙනග එක පන්තියකට සීමා වෙන්න ඉඩ තියෙන්නේ අර සීමාවල් හන්දා. බොහෝවිට මෙවා බලන්න එන්නේ සුඛෝපබෝගී මෝටෝරථ වලින්. අනෙක් පැත්තෙන් ප්‍රවේශ පත්‍රයක මිලත් මෙතනදී සීමාකාරී සාධකයක් වන්න ඇති. අඩුම ටිකට්ටුවක මිල සාමාන්‍යයෙන් රුපියල් දාහක් වෙනවා. ඊට අමතරව දෙදාහ තුන්දාහ සහ පන්දාහ ආදී වශයෙන් ටිකට්පත් මිල කර තියෙනවා දකින්නට පුළුවන්. ත්‍රීවිලර් වලින් ඇවිත් බැහැලා යන අය කිහිප දෙනෙක් දකින්නට පුළුවන් වුනත් ත්‍රීවිලරයෙන් ඇවිත් එය නවත්වලා බලන අය දකින්නට නැහැ.
එතකොට අනෙක් අනෙක් අයගේ විනෝදාංශ හැටියට ඇත්තේ මොනවාද? විශේෂයෙන් කොළඹ ගත්තහම. ජාත්‍යන්තර ක්‍රිකට් තරග නරඹන්න නම් සමාජයේ විශාල පරාසයකට අයිති අය එන බව පේනවා. ඊට අමතරව ගෝල් පේස් එකට යන එකත් ජනප්‍රිය විනොදාංශයක් එතන නොයෙකුත් ක්‍රියාකාරකම් තියෙනවා සරුංගල් යැවීම ඇතුළුව. මේවාට අමතරව ඇත්තේ ගෘහස්ථ විනොදංශ බවයි පෙනෙන්නේ.

පසුගිය ආංඩුවෙන් ඇතිකරපු මංතීරු සහ උද්‍යාන ආශ්‍රිතව සති අන්තයෙ බෑන්ඩ් එකක් ගහනවා දකින්නට තිබුණා. සමහරවිට තාමත් ඇති. කොහොම වුනත් සාමාන්‍ය ජනතාවට ඇති විනොදාංශ මොනවාද යන්න ගැන කවුරුවත් අවධානය යොමුකරන බවක් පේන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තුළ ජනතාවගේ රසාස්වාදය ගැන (විශේෂයෙන් පත්තර වල) නොයෙකුත් මත පළ කිරීමෙන් කාටවත් වැඩක් වෙන්නනේ නැහැ.


ඊයේ හවස බිෂොප් විද්‍යාලීය ශාලාවේ තිබුණු ත්‍රිමාණ බලන්න ගියා. අද්විතීය ගායක වික්ටර් රත්නායකගේ “ස” දැන් පැවැත්වෙන්නේ නැහැ. එතුමාගේ පුතුන් දෙදෙනාත් සමග ඉදිරිපත් කරන ප්‍රසංගය තමයි ත්‍රිමාණ. හැබැයි හු දෙනෙක් තාමත් එන්නේ “ස” විින්න බව ඇහුන කතා වලින් තේරෙනවා. විශේෂයෙන් වික්ටර් රත්නායකයන්ගේ බාල පුතා ලෙලුම් රත්නායක වෙනස්ම මානයක යන්නෙක්. ඒ වගේම පියාගේ ගීත නැවත කියනවා නම් ඔහුට ඒ සහා හො හැකියාවක් ඇති බව පෙනෙනවා. එහෙත් ඔහු යන්නේ වෙනස් පාරක. ඔහුගේ ඇල්කොහොල් වැස්සේ කියන සිංදුව මගේ හිතට ඇල්ලුවා.   

Thursday, June 23, 2016

සම්භාව්‍ය විසඳුමක්

අද ලියවිල්ල පටන් ගන්න හිතුණා වෙනස් තැනකින්. එක් එක් කෙනා බ්ලොග් ලියන්න එක් එක් හේතු ඇති. කිසි දවසක මගේ හෝ කාගෙවත් බ්ලොග් එකක් කියවා නැති සහ නොකියවන බවටත් සියයට සියයක් විශ්වාස මගේ ආයතන ප්‍රධානියා කියන්නේ බ්ලොග් ලියන්නේ looser ලා කියළා. ඒකත් ඇත්ත වෙන්න බොහොම ඉඩ තියෙනවා. මම ලියන්නේ ඇයි කියන මාතෘකාවට අවොත් බොහෝවිට මම ලියන්නේ කාන්සිය මකා ගන්න. සමහරවිට රෑට වාර්තාවක් ලියන්න වගේ වැඩක් තියන වෙලාවට ඒකට බහින්න බැරුව ඉන්න වෙලාවෙදි (මහන්සිය හන්දා) උත්තේජකයක් හැටියට මම සටහනක් ලියන්න පටන් ගන්නවා. අනෙක් කාරනාව තමයි නොයෙකුත් හේතු මත මිත්‍ර සමාගම් අඩු වීම වැඩිපුර ලියන්න හේතු වනවා.

වීදාගම මෛත්‍රිය හාමුදුරුවන්ගේ දේහය ආදාහනය කරන්න ගිය වෙලාවේ ස්ථානය බෙදා ගන්න ගිහින් පත්තු හෝ කෝරල දෙකක මායිමේ ආදහනය කළ බව කලින් සටහනේ ලියුවා. ඒක ලියන කොට මතක් වුනේ තව කතා දෙකක්. එකක් කියවූයේ ඊයේ පෙරේදා පත්තරේ. ඒක තමයි “ටිකිරා” සහ “පුරන් අප්පු” අතර සටන. ඒ චිත්‍රපට දෙකක නම්. ඒ දෙකම ඒ දවස්වල තිබුණු මණ්ඩල හතරෙන් එකක ප්‍රදර්ශනය වන්නට නියමිතව තිබුණා. පෝලිමට අනුව ඊළගට ප්‍රදර්ශනය වන්න තිබුණේ ටිකිරා. එත් වීර පුරන් අප්පු සංවත්සරයක් යෙදී තිබුණු කාලයක් හන්දා එය පෝලිම පන්නා ප්‍රදර්ශනය කරන්න එවකට ඇමතිවරයෙකු වූ ටිරෝන් ප්‍රනාන්දු මහතාට ඹ්නා වුණා. අන්තිමට මේ සන්ඩුව එවකට ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන ‍තෙක් ගියා. ඔහු එය විසුවේ පස්වන මණ්ඩලයක් ඇති කිරීම මගින්. නිකම්ම නොවෙයි සම්භාව්‍ය චිත්‍රපට සහා වූ පස් වන මණ්ඩලය.
                                                 

ඒ වගේම තව කතාවක් මතක් වුණා ඒකේ කතානායකයා අගමැති ඩඩ්ලි සේනානායක. ඔහුට තිබුණාලු විවෘත කිරීමේ උත්සවයක් වස්කඩුවේ දුම්රිය පොළ විවෘත කරන්න. එත් දුම්රිය පොල තිබුණේ වස්කඩුව සහ පොතුපිටිය කියන ගම්වල මායිමේ. (මගේ මතකය හරිනම්) ඒ හන්දා නම පිළිබව ගම්මුන් අතර එකතාවයක් තිබුණේ නැහැ. විවෘත කිරීමේ දිනයේ පැමිණි අගමැතිතුමා දැක්කේ කලින් දා රෑ අනිත් ගමේ අය ඇවිත් වස්කඩුව මකා ඹවුන්ගේ ගමේ නම දමා තිබුණු බව. මේ කලබැගෑනිය දැකපු ඔහු කීවාලු උඔලා නම් නොම්මර එකේ මිනිස්සු, ඒ හන්දා අපි දුම්රියපොලට නොම්මර එක කියා නම තියමු කියා අන්න එහෙමලු මුහුදුබඩ මාර්ගයේ වාද්දුවත් උතුරු කළුතරත් අතර ඇති නොම්මර එක දුම්රිය ස්ථානයට නම ලැබුණේ.

Tuesday, June 21, 2016

ඉතිරිය

ඊයේ ටිකක් ලියලා හිතුවේ ගොඩක් පින්තූර දමන්න. ඒත් පින්තූර බා ගන්න සෑහෙන වෙලාවක් ගියේ ගෙදර අන්තර්ජාල සම්බන්ධතාව සමහර දිනවල ඉතා මන්දගාමී වන හන්දා. වෙන වැඩක් කරන ගමන් බා ගැනීම කලත් හුක් වෙලා බළා ඉන්න එක මහ කම්මැලි වැඩක්. වීදාගම පන්සල නැත්නම් වීදාගම රජමහා විහාරය හතරවන පරාක්‍රමබාහු රජතුමා විසින් කළ බවත් කියැවෙනවා. කොහොම වුනත් වීදාගම මහ තෙරැන් සහ වීදාගම මහා  මෛත්‍රීය තෙරුන් යන සංඝයා වහන්සේලා නිසා මේ භූමිය ප්‍රසිද්ද වූ බව පේනවා. වීදාගම මහ තෙරුන් ප්‍රසිද්ද යන්ත්‍ර මන්ත්‍ර වලට වගේම මහා මෛත්‍රීය හාමුදුරුවන් සාහිත්‍ය සේවාව හන්දා. බුදුගුණාලංකාරය, ලොවැඩ සරාව සහ හංස සංන්දේශයත් උන්වහන්සේගේ නිර්මාණ.

පංසලේ ලොකු හාමුදුරුවන් සමග අපි කතාවට වැටුණා. මෛත්‍රිය හාමුදුරුවන් අපවත් වූ විට ආදහනය කළා යැයි පිළිගන්නා තැනට අපි ගියත් එහි තිබුණේ මයියොක්කා කොටුවක්. එතැන බුල්ඩෝසර කරළා. අපට පුදුම හිතුණේ එම ස්ථානය වීදියගොඩටත් එහා වීදාගම පන්සලෙන් කිලෝමීටර් හය හතක් දුරින් පිහිටියේ ඇයිද යන්න. හාමුදුරුවන් කීවේ හාමුදුරුවන් බෙදා ගන්න පත්තු දෙකක දායකයින් ඉදිරිපත් වුණ හන්දා කාටත් පොදු වන්න මායිමේ ආදහනය කළ බව.

මේ පන්සලේ තිබුණු බොහොමයක් වැදගත් භාණ්ඩ හොරු අරන් ගිහින්. කෙසේ වෙතත් ඒ සම්බන්ධ කටයුතු කළ අයට දඩුවම්ද ලැබුණු බව ලොකු හාමුදුරුවන් කීවා. ඒ දවස්වල ප්‍රසිද්ද පිරිවෙනක් නම් දැනට පන්සල පිහිටා ඇති බිම ඒ සහා ප්‍රමාණවත් නොවන බව අප හාමුදුරුවන්ගෙන් විමසුවා. හාමුදුරුවන් කීවේ අවට ඇති ගෙවතු සියල්ල පිරිවෙනෙහි කොටස් වන්න ඇති බව. අවට කළ විමර්ශනයෙදි අපට ඒ සහා කදිම හෝඩුවාවල් ලැබුණා.


                                                  මේ වීදියගොඩ පන්සලේ නාථ දේවාලය
වීදාගම නම හැදුනේ විදු ගම නැත්නම් විද්‍යාගම (ආලෝකගම) යන්නෙන් බිී ඇවිත් කියළා පිලිගැනීමක් තියෙනවා. වීදාගමට අල්ලපු ගමක් තියෙනවා ලෝකපිල කියලා. මේ ගමේ නම පුංචි කාලෙදීත් අපේ ගමේ කුහුල වැඩෙව්වා. ගම ප්‍රසිද්ද වෙලා තිබුණේ එහි තිබුණු පාසල හන්දා. හාමුදුරුවන් කීවේ එය බිී ඇවිත් ඇත්තේ ආලෝක පිළ කියන එකෙන් කියළා. පිළ කෙසේ වෙතත් ආලෝකය අපිට කියා පාන්නේ පිරිවෙන ගැන. තව මේ වගේ බොහෝ දේ කතා කරළා අපි රමුක්කන පන්සල බළා පිටත් වුණා.

                                                   වීදාගම පන්සලේ පුරාවස්තු


                                  අලෝතියාව පැත්තේ පන්සල් වැව



                                        වීදියගොඩ පත්තිනි දේවාල දොරටුව  
                       



Monday, June 20, 2016

කතන්දර හා පින්තූර

පසුගිය සෙනසුරාදා  පන්සල් කිහිපයකට ගියේ වාර්තාවක් සහා පින්තූර කිහිපයක් ගන්න. ඒ අපේ ගම් පළාතේ. එහෙම ගියාම තමා තේරෙන්නේ සංචාරයක යෙදෙන කෙනෙකුට බලන්න කොපමණ දේ අවට තියෙනවාද කියළා. මුලින්ම ගියේ වීදියගොඩ පන්සලට. එහි නාථ දේවාලය හා පත්තිනි දේවාලය ආශ්‍රිතව ගලින් කළ පැරණි කැටයම් කිහිපයක් දකින්නට පුළුවන්. ඊළට වීදාගම පන්සලටත්, පතහවත්ත පන්සලටත් රමුක්කන පන්සලටත් අපි ගියා. ‍ඒවායේ තිබුණු පුරාවිද්‍යා වැදගත්තමක් ඇති දේ පොටෝ ගහලා වෙන වෙනම බැලුවහම මට හිතුණේ කළින් සැළැස්මක් ඇතුව පින්තූර ගත්තා නම් මේ සම්බන්ධ ලිපියක් ලියන්න (පුරාවිද්‍යාත්මක නොවන) තිබුණා නේද කියලා. කොහොම වුනත් මේ අඩවියේ තිබුණ සකඩපහන් සියල්ලම වාගේ මගේ කැමරාවේ සටහන් වෙලා තිබුණා. ඒ ටික වුනත් ඇති යමක් ලියන්න. ඒකට තරමක් වෙලා යන්නේ පින්තූර සකස් කරන්නට අවශ්‍ය නිසා. අදට අහඹු ලෙස තෝරා ගත් පින්තූර තමයි එකතු කරන්න වෙන්නේ.


වීදාගම පන්සලේ පිටුපස ගල්කණු, කැසිකිලි ගල්, බාල්ක කොටස්, ආසනඝර කොටස් ආදී හුනා ගත හැකි නොහැකි කොටස් බොහොමයක් ගොඩ ගසා තියෙනවා. පැරනි පිරිවෙන විදේශ ආක්‍රමණ මගින් විනාශ කළ පසු ඉතුරුවූ සුන්බුන් තමයි ඒ. සමහර කොටස් කොළඹ යම් යම් ගොඩනැගිලි හදන්න එදා අරන් ගිය බවයි පිළිගැනීම. මම හිතුවේ ඒවා පුළුවන් තරම් එකලස් කරළා පිළිවෙලකට තැබීම මගින් නරඹන්නන් හට අදහසක් ගන්න පහසුව ඇති කරන්න ඹ්නා කියළා. එහි සටහනක් තබන්නට පුළුවන් එතන පෙන්වා ඇත්තේ මොනවාද කියා. ඒත් පුරාවිද්‍යා මූලධර්ම වලට ඒක එක නැතිලු? ඒ හන්දා හුක් පුරාවිද්‍යා ස්ථාන වල පුරාවස්තු කොටස් අපිලිවෙලට ගොඩ ගසා තියෙනවා දකින්නට පුලුවන්.






බණ්ඩාරගම රමුක්කන පන්සලේ අවුරුදු 2000ක් පැරණි සෙල්ලිපියක් තිබෙනවා. මම හිතන්නේ ප්‍රදේශයේ ජනතාවගෙන් වැඩි දෙනෙක් එය දන්නේ නැහැ. අනෙක් එය ප්‍රදර්ශනය කරන ආකාරය දුර්වලයි. මේ වගේම බොහෝ පුරාවස්තු වරකාගොඩ පන්සලේ ඇති බව අපට කීවේ පතහවත්ත පන්සලේ ලොකුහාමුදුරුවන්. 

Sunday, June 12, 2016

Kde domov můj (කොහෙද ගෙදර මගෙ)

Where is my home, where is my home?
Streams are rushing through the meadows,
Midst the rocks sigh fragrant pine groves,
Orchards decked in spring's array,
Scenes of Paradise portray.
And this land of wondrous beauty,
ඉහතින් ඇත්තෙ කවියක කොටසක් නෙමෙයි. මෙම කොටස මම උපුටා ගත්තෙ චෙක් ජනරජයේ ජාතික ගීයේ ඉංග්‍රීසි පරිවර්තනයෙන්. ඒක හරියට කවියක් වගේ තමා මට පේන්නෙ. මට මතකයි කාලෙකට ඉස්සර මගේ ආයතන ප්‍රධානියා චෙක් ජනරජයේ සංචාරයක් ගොස් පෙරළා ආ විට දැක්වූ ප්‍රතිචාරය. නැගෙනහිර යුරෝපය ගැන මා දැක්වූ සමහර අදහස් ඔහුට තේරුණේ එම සංචාරයෙන් පසුව බවයි ඔහු කීවේ. අවන්හල් ඉදිරියේ ඇති වේවැල් හෝ සැහැල්ලු පුටු වල හිඳගෙන බීර පානය කරන මිනිසුන් හට අහන්න ලැබෙන්නෙ චයිකොව්ස්කිගේ හරි මොසාට් ගේ හරි සජීව වාදනයක් බවයි ඔහු කිව්වේ. අපේ රටට වඩා භූමි ප්‍රමාණයෙන් ටිකක් වැඩි චෙක් ජනරජයේ ජනගහනය අපෙන් බාගයයි. දල ජාතික නිෂ්පාදනය අපි වගේ තුන්ගුණයක් විතර. බැර කර්මාන්ත ආර්ථිකයේ ප්‍රධාන තැනක් ගන්නවා. ඉස්සර සෝවියට් සංගමය තිබුණු කාලේ සියලුම සමාජවාදී රටවල් වලට පාහේ ට්‍රෑම් රථ හැදුවේ චෙකොස්ලෝවැකියාවයි. ලංකාව චෙක් ජනරජයත් එක්ක අලුත් වෙළ සහ කර්මාන්ත සහයෝගිතා ගිවිසුමක් අත්සන් කරනවා.

අපේ තාත්තා කාලෙකට ඉස්සර පොතක් ලියුවා. ඒකේ නම “කුමාර සාහිත්‍යය” කුමාරතුංග මුණිදාස වියතානන්ගේ ළමා සාහිත්‍ය භාවිතාව ගැන ලියවුණු පොතක් ඒක. මෑත කාලෙදි ඒකේ නව මුද්‍රණයක් කරන්න අපට හැකිවුණේ තාත්තගේම යහළුවකු හරහා. පතහවත්ත පංසලේ ලොකු හාමුදුරුවන් කියන හැටියට අපේ තාත්තා කුමාරතුංග මහතා ගැන දැරූ අදහස් ඉන් ඔබ්බට ගියා. දාර්ශනිකයෙක් හැටියට ඔහු (කුමාරතුංග සූරීන්) සිටියේ ඉතා ඉහලින් බවයි අපේ හාමුදුරුවන් මට කීවේ. “අලුත් අලුත් දෑ නොතනන ජාතිය ළොව නොනගී” යන්න එතුමාගේ තේමා පාඨය වුණේ ඇයිදැයි අපට තේරුම් ගන්න පුලුවන්. අපේ හාමුදුරුවන්ට කතා කළේ මගේ පොතට හැින්වීමක් ලියන්නට ආරාධනා කරන්නයි.


අපේ කාර්යාලයේ වැඩ කරන හිතවතෙකුගේ ගෙදර තියෙන්නේ කොස්ගම. ඉතින් පසුගිය ටිකේ එයාට කරදර. එක දවසක් වැඩට ආවේ නැහැ. හො වෙලාවට එයාගේ ගෙදර හොරු කඩලා තිබුණේ නැහැ. දවස් දෙකක් පමණ ඒ ගොල්ල ගෙදර යිටියේ නැහැ. ගංවතුරට සියලු දෙනා එකතු වෙළා ආධාර කළා වගේම මේ වගේ අමාරුවේ වැටිච්ච අයට ආධාර කරන්නේ කොයි වෙලාවේ ද කියළා බලා ඉන්න කට්ටියක් ඉන්නවා. මේ විදිහට දෙආකාරෙන්ම උදවු කරන අය ඉන්නේ අපේ රටේ විතරද මන්දා? 

Tuesday, June 7, 2016

හන්තානට පායන හඳ

සති අන්තය කාර්‍ය බහුල වුණා. සාමාන්‍යෙයන් කරණ දේ වලට වඩා එක වැඩක් හරි එකතු වුනහම  ඉස්පාසුවක් නැතිවනවා. සිකුරාදා රාජකාරි වලින් පස්සේ ගමේ ගිහින් එන්න වුණා. සෙනසුරාදා හවස් වරුව පාසලේ ගතකළේ අමරසිරි පීරිස් ශූරීන් ගේ හන්තානට පායන හ බලන්න ගිය හන්දා. හරිම සුන්දර හැන්දෑවක්. පරන පුරුදු පාසලේ පැය කිහිපයක් ගත කරන්න ලැබීමත් හොයි. මම කුලරත්න ශාලාවෙන් එළියට ඇවිත් නේවාසිකාගාරය දිහා බැලුවා. රෑ බෝවී තිබුණු හන්දා නේවාසිකාගාරය අුරේ ගිලිලා. අපේ කාලේ නම් නේවාසිකාගාරය රෑටත් එලිය වෙලා තිබුණා වගෙයි මතක. හන්තානට පායන හ සහ අමරසිරි ශූරින්ගේ ජනප්‍රිය සින්දු කිහිපයක් ලියා ඇත්තෙ ධම්මික බණ්ඩාර ගේය පද රචකයා විසින්. ඇත්තටම ඔහු පුංචි කාලේ අපිත් එක්ක නේවාසිකාගාරේ හිටපු සම වයසේ සගයෙක්.

සිකුරාදා මහ ගෙදර ගිය වෙලාවේ ගෙදර තිබුණු අළුත් පොතක් අරන් ආවා. සති අන්තය ඉවර වෙන්න ඉස්සර වෙලා පොත කියවලා ඉවර කළා. පොතේ නම “වොල්ටර් සර්“ ඒ කියන්නේ ඒ දවස්වල හොරණ තක්ෂිලවේ හිටපු විදුහල්පතිතුමා ගැන ලියවුණු පොතක්. පොත බොහොම රසවත් වගේම ඒ වගේ දෙයක් මගින් ගුරුවරයෙකුට ගුරු ගෞරවය පුද කිරීම අගය කරන්න ඕනා. ඒ වගේම ඔහු වෙනස් තාලේ සහ රැඩිකල් අදහස් දරපු එහෙත් ශීෂ්‍ය හිතකාමී ගුරුවරයෙක් බව පේනවා. ඔහුගේ සංක්ෂිප්ත ජීවිත කතාව වගේම සිසුන් ගුරුවරුන් ඇතුලු බොහෝ අය ඔහු ගැන කියූ කියුම් එහි ඇතුලත්.


ඉරිදා ගත්තා තව පොතක්. “දුවකගේ කුළු“ පොත ලියලා තියෙන්නේ සුරංගී ද අල්විස්. ඒ කියන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන්ගේ ගේ දියණිය. දෙමව්පියන් නීතියෙන් වෙන්වුනු විට සංවේදී කුඩා දරුවෙකුගේ ඇතුලාන්තය කියන පොතක් ඒක. වෙන් වුනු අයත්, වෙන් වෙන්න ඉන්න අයත් සහ අමාරුවෙන් එකට ඉන්න අයත් ඒ පොත කියවන එක වටිනවා.  

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...