Friday, December 29, 2017

සරාසඳ

පසුගිය සෙනසුරාදා මධ්‍යම රාත්‍රිය වන තෙක් ගෙවුණේ ඉංගිරිය අසළ ගමක. එහි පැවැත්වුණු අනුස්මරණ උත්සවයක ගී රසවින්දන වැඩ සටහනක් සඳහා අපේ හිතමිත්‍ර ධම්මික බණ්ඩාර පැමිණෙන බව කලින්ම කියා තිබුණු නිසා දිනය වෙනකරගෙන තිබුණේ. අමරසිරි පීරිස් ගායකයාගේ ගීත වලින් රසවත් වුණු රාත්‍රිය සුන්දර එකක් වුණා. ධම්මික බණ්ඩාරගේ ගී ගැන විවරණය මේ රසය තවත් වැඩි කළා. 

වැඩසටහනෙන් පසුව යෙදුන අල්ලාප සල්ලාපයෙදී කැලෑබද ගම්වලින් පමණක් ලැබෙන කටගැස්මක් එක්ක මීවිතක් ගලා ගියා. සමන් අතාවුදහෙට්ටි ලියපු ඉරි තැලුණු වලා, මලක් වුණේ ඇයි නුඔ මට වගේම බුදුසිහිල ගලා වැනි තරමක් වේග සින්දු අතර ධම්මික ලියපු අති ජනප්‍රිය හන්තානට පායන හඳ සහ තවත් සින්දු අපට අහන්නට ලැබුණා. එක්තරා පුදුමයක් නම් විශාල පිරිසක් ධ්‍යානයකට සමවැදුනාක් මෙන් රෑ දෙගොඩහරි යාමෙත් පහුවෙනකම් නොසෙල්වී සිටීමයි. ගීතය කියන කලාව එක පැත්තකින් පහතටම වැටී ඇති අවදියක මෙවැනි ගම්පලාතක මෙවැනි රසික පිරිසක් දකින්නට ලැබීමත් සතුටක්. පාසල් කාලයේ මිතුරන් කිහිප දෙනෙක් හමු වන්නත් මේක අවස්ථාවක් වුණා. 

Monday, December 18, 2017

නත්තල්







ඝර්ම කලාපීය රටවල අය ශීත සෘතුවට බොහොම ප්‍රියයි වගේ. දෙසැම්බර් මාසෙ වනවිට වෙළඳ ප්‍රචාරන කටයුත්තක් වශයෙන් හෝ නගරයේ බොහෝ ආයතන වල සීත සෘතුව පෙන්නුම් කරන සංකේත දකින්නට පුළුවන්. හිම, පිනිමුවන්, නත්තල් ගස් සහ නත්තල් සීයා ඒ අතර ප්‍රධානයි. සීත රටවල අයත් ශීත සෘතුවට ප්‍රිය බව සිතන්නට කාරනා තියෙනවා. විශේෂයෙන් ළමයින් හිම ක්‍රීඩා වලට ඉතාම ලැදියි. බොහොම කාලයකින් ශීත සෘතුවක් විඳින්නට ලැබුනේ නැහැ. පසුගිය දෙසැම්බර් මාසේ ශීත කලාපික රටක් ගතකරන්නට ලැබුනත් ඒ දක්ෂිනාර්ධ ගෝලයේ හන්දා එහිදී ගත කළේ ගිම්හානය. රටවල් කිහිපයකම ශීත සෘතූන්වල අඩු වශයෙන් දින කිහිපියක් හෝ ගත කරන්නට ලැබීම හන්දා එකක් කියන්නට පුළුවන්. එනම් ශීත කාලය කියන එක එක් එක් රටට අවේනිකයි කියන එක.
පසුගිය දිනවල බණ්ඩාරවෙල පැත්තට තදින් ශීතල බලපෑ බව මට දැනගන්නට ලැබුණා. පසුගිය දිනවල ඇතිවූ පීඩන අවපාතයත් ඒකට හේතු වන්නට ඇති. අප කුඩා කාලයේ දෙසැම්බර් මාසයේ දියතලාව, හපුතලේ හෝ බණ්ඩාරවෙල  ගිය විට අධික ශීතලට මුහුණ දෙන්න වුණා. ස්විටරයක් නැතිව එලියේ ඇවිදින්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඝනකම ඇති බ්ලැන්කේට්ටු එකක්වත් නැතිව රෑට නිදාගන්නට බැරි වුණා. ඒත් පසුකාලෙක මේ සීතල ක්‍රමයෙන් අඩුවී ගිය බව බොහෝදෙනා කියනවා.
යුක්රේනයේ පවා අප එහි සිටි 80 දශකයට සාපේක්ෂව ශීත කාලය දැන් දරුණු නොවන බව මට කීවේ එහි ජීවත් වන අපේ හිත මිතුරෙක්. ඒ කියන්නේ ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහල ගිහින් කියන එකද?

මේ සටහන ලියලා සුමාන දෙකක් විතර ගියා. අළුතෙන් එයට එකතු වෙන්න දෙයක් නැති පාට හන්දා මෙය දම්නන හිතුවේ.    

Wednesday, November 15, 2017

අවිවේකය

නිම්වළලු කියවන කිහිපදෙනා අතුරින් එක් සහෘදයෙක් මට කතා කර ඇසුවේ හු කලකින් නොලියවුණේ ඇයි කියලා. ගෙවල් මාරුව වගේම සතියේ දින සහ සති අන්තය ගෙවල් දෙකක ගතකරනකොට ඇතිවන ප්‍රධාන ප්‍රශ්ණය තමයි අවිවේකි බව. කාලයකට ඉහතදී බණ්ඩාරවෙල ප්‍රදේශයේ රාජකාරිකරන කාලයේ සති අන්තය පමණක් නොවෙයි සතියේ දින පවා බෙදාගෙන එක් එක් ඥාති නිවෙස් වල රාත්‍රිය ගත කළා. ජීවිතේ බොහොම සැහැල්ලු කාලයක් වගේම රාජකාරියෙන් පස්සේ මා කැමති සහ අපේ බාලකාලයේ සුන්දර මතක සටහන් ලියැවුණු වටපිටාවක ගත කරන්න ලැබීම වාසනාවක්.  ඒ දවස්වල අපේ ආයතන ප්‍රධානියා මට විහිළු කළේ රම්‍ය, සුරම්‍ය, සුභ ඇති කෙනෙක් කියා. එහෙත් ජීවිතේ බර වැඩි වුනාට පස්සේ එහෙම තැන් තැන්වල ඉන්න එක පහසු නැහැ.

පසුගිය දින වල පන්සලේ හාමුදුරුවන් සමග කතාබහක යෙදෙන්න අවස්ථාව ලැබුණා. උන්වහන්සේ සමග පානදුරට කිට්ටුවෙන් පිහිටි පන්සලක තිබුණු සාකච්ඡාවකටත් සහභාගී වන්න ලැබුණා. මේ කතාවලින් පස්සේ උන්වහන්සේ යෝජනා කළේ ප්‍රවෘත්ති පත්‍රයකට වගේ කොලමක් ලියුවොත් හොඳ නේද කියා. මා මිත්‍ර ආචාර්‍ය ටියුඩර් ද කලකට ඉහතදී මට මේ යෝජනාව කළා. ඒත් එහෙම දෙයක් පටන් ගත්තොත් නිතිපතා කරන්න වෙනවා. මම වගේ unorganized කෙනෙක්ට ඒක කරන්න අමාරුවෙයි කියා හිතූ නිසා එයට අත ගහන්නට හිතුනේ නැහැ.

අපේ හාමුදුරුවන්ගේ සාකච්ඡා වල තේමාව තමයි නිදහසින් පසු අපේ ඉතිහාසය තුළ ලාංකීය ජාතියක් ගොඩනැගීමට කිසිදු ව්‍යාපාරයක් සමත් නොවීම සහ උත්සාහ නොදැරීම. ඒත් මේක දේශපාලන ව්‍යාපාරයක් නොවී සංවාද මණ්ඩපයක් හැටියට පවත්වා ගැනීමයි අදහස. රටක දියුණුව සඳහා සංවාද, කතිකා, විවාද අවශ්‍යයි.

මේ අතරේ කතා වුණු එක් දෙයක් තමයි දේශීය භාණ්ඩ හා සේවා සපයන්නන් කොතෙක් දුරට ආරක්ශා කර ගත යුතුද කියන එක. ජාත්‍යන්තර වශයෙන් තරගකාරී නොවන නිෂ්පාදකයින් සහ සේවා සපයන්නන් දිගින් දිගටම බදු සහ සෙස් ආදිය මගින් ආරක්ෂා කිරීම කොයිතරම් දුරට තර්කාණුකූලද කියළා අපට හිතන්න වෙනවා. අයාත ආදේශණය සංකල්පයක් හැටියට දැන් ලෝකයේ ඒ තරම් පිළිගන්නේ නැහැ. ජාත්‍යන්තර වශයෙන් තරගකාරී තත්ත්වයට ආවොත් අපිට ආනයන ආදේශණයෙන් එහාට ගිහින් අපනයන වෙළඳපල ජය ගන්නට පුළුවන්. අනෙක් පැත්තෙන් අකාර්‍යක්ෂම ව්‍යවසායන් පවත්වාගෙන යාමෙන් ආර්ථික වර්ධනය බාල වීමයි සිදුවන්නේ. මේ හා සම්බන්ධ Comparative advantage න්‍යාය ලොවට හඳුන්වා දෙන්නේ ඩේවිඩ් රිකාඩෝ (1772-1823) විසින්. මීටත් අමතරව ගෝලීය නිෂ්පාදන ක්‍රම පද්ධතිය අද බොහෝ විස්තීරණ වෙලා. අවසානයේ පාරිභෝගිකයාට අත්වන වාසිය ( තත්ත්වයෙන් උසස් භාණ්ඩයක් අවම මිලට ලබා ගැනීම) ගැනත් හිතන්න වෙනවා. මේවා සම්බන්ධ තීරණ ගැනීමේදී තවත් බොහෝ පැති හිතන්න තියෙනවා. සමාන්‍යෙයන් panacea එකක් හැටියට adjustment package එකක් පාවිච්චි කරනවා.


හාමුදරුවන් සමග අපේ කතාවට එක පාරටම රාගය මාතෘකාව ආවේ කොහොමද කියළා මට මතක නැහැ. ඒත් උන්වහන්සේ කිව්වේ sex කියන්නේ social construct එකක් කියා. එයට උදාහරන හැටියට උන්වහන්සේ ගෙනහැර පෑවේ නාලනී ජාතකය. 

Sunday, October 22, 2017

ලංකාවේ වතු වල වැවෙන පොල්

ග්‍රාම නාම ගැන මීට කලිනුත් ලියුවා  හොරණ කිට්ටුව තියෙනවා රෙමුණ කියා ගම්මානයක්. ඒ ගමේ නොයෙකුත් ජනශුති වලට සහ යම් යම් තිහාසික මූලාශ්‍ර වලට අනුව රයිගම් කෝරලයේ ඉතිහාසය හා සම්බන්ධයි. තවත් ස්ථාන වලට සම්බන්ධවත් කියැවෙන කුමරින් පැන්න ගල තියෙන්නේ මේ ගම ශ්‍රිතව බව කියෙවනවා. කෙසේ වෙතත් මේ ගමේ නම හැදී   ත්තේ ශරීර කෘත්‍ය කරන තැන ඇති අමුණ යන සුරින් බව ඒ දවස්වල පාසලේ ලමුන් කියනවා මතකයි. ඒක විහිලුවක් පමණක් ද කියා අපි දැනෙගන හිටියේ නැහැ. නමුත් පසුගිය දිනෙක රෙමුණ හරහා යන විටකදී ඒ ගැන අලුත් අදහසක් තිවුණා. රෙමුණ කිට්ටුව තිබුණා අතුරුපාරක් ඒ පාරේ නම පෙරමුණගම. ඒ නම මෑතකදී ආදේශ කරගත්ත ඒකක් වන්නත් පුළුවන්. ඒත් කලින් කී තිහාසික පසුබිමත් ඒක්ක මේ ගමේ නම පෙරමුණ යන පදෙයන් කටවහරට පු හැටිය බව හිතන්න පුළුවන්.

මේ දිනවල පොල් ගෙඩියක මිල ඉතා ඉහල ගිහින්. අපේ රටේ බිම් කඩවල් දිහා කුරුලු හැකින් බැලුවොත් කුඹුරු රුනහම බොහෝ තැන් වල ඇත්තේ පොල් ගස් බවයි පෙනෙන්නේ. සියලුම ගෙවතු වල ත්තේ පොල් ගස්. විශේයෙන් බස්නාහිර පළාතේ.ඒක පැත්තකින් ඉඩම් කට්ටි කිරීම දිය හන්දා පොල් ඉඩම් අඩුවී ගිය බව ත්තයි. පොල් කිරී දාපු හොද්දක් සම්බලයක් යනාදිය තවමත් අපේ කෑම වේලේ ප්‍රධාන අංග. ඒ හන්දා පාරිභෝජනය අඩුවක් වී නැහැ. ඒත් අපි මේ තියෙන පොල් ගස් වලින් හෝ නියම පලදාවක් ගන්නවාද කියන ඒක ප්‍රශ්ණයක්. විශේයෙන් ගෙවතු වල තියෙන ගස් වලට නම් කිසිම සාත්තුවක් ලැබෙන්නේ නැති පාටයි. සමහරක් වතු වලත් තත්ත්වය මීට වැඩිය වෙනස් නැහැ. අපේ ගෙවතු වල තියෙන අනෙකුත් ගස් වර්ග වල තත්ත්වයත් මීට වෙනස් නැහැ. ගෙඩි ඒකක් වත් හැදෙන්නේ නැති අඹ ගස් අපේ වතු වල ඹ්නා තරම්. මේකට  හේතුව මේ වගාවන් නඩත්තු කරන්න අවශ්‍ය මුදල් හිඟකමම නොවෙයි. ඒ සඳහා යෙදවෙන්න කෙනෙක් හෝ නියමිත තාක්ෂණික දැනුම mobilize කර ගන්න බැරි වීම බවයි සිතන්න වන්නේ.


පේ රටේ තිබෙන 300 ගණනක් වන ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට මෙහිදී විශාල කාර්‍යභාරයක් කරන්න පුළුවන්. මෙම මධ්‍යස්ථාන ඇති කිරීමේ පරමාර්ථය වුණේ මෙවැනි ව්‍යාප්ති සේවාවන් ඇති කිරීමයි. කාලයකට පෙර මෙවැනි මධ්‍යස්ථානයක ප්‍රධානියා හැටියට ගත කළ අවුරුද්ද අත්දැකීම් බහුල ඒකක් වුණා. ප්‍රදේශයේ තිබූ පොල් වතු සහ ගෙවතු වලට නියමිත ප්‍රමිතියට පොහොර සහ අනෙකුත් තාක්ෂණික සැපයුම් දිය සහිත පැකේජයක් සකස් කරන්නට හැකි වුණා. ඒ සඳහා මුදල් අයකිරීමටයි සැලසුම් කළේ. ඒ වැඩපිළිවල දියත් කරන්න බැරි වුණේ ඒ සමගම  මම නව රැකියාවකට මාරු වී ගිය හන්දා. 

Tuesday, September 26, 2017

සහන සතුට ඔබෙයි මගෙයි අතක දුර නැතී

කොළඔ පොත් ප්‍රදර්ශණය මෙවරත් පැවතුණා. නොයෙක් හේතු මත ඒ පැත්තට වත් යන්න බැරි වුණා. ඒත් එයට සහභාගී වුණු හිතවතෙකුට කියලා අවශ්‍ය පොත් කිහිපයක් පමණක් ගෙන්වා ගත්තා. ගුණදාස අමරසේකර කතුවරයාගේ “ධාතුසේන සහ “සභ්‍යත්ව රාජ්‍යක් කරා යන පොත් දෙක. (මේ පොතට සුමනසිරි ලියනගේ මහතා පිලිතුරු පොතක් ලියූ බවත් මෑතදී කියවුණා.) පොඩි පුතාට ආතර් සී ක්ලාක් ගේ රාමා උයන, පන්සලේ පොඩි හාමුදුරුවන්නමකට පොරොන්දු වූ පරිදි පොත් තුනක්. ඒ පොත් තුන දෙන්න පන්සලට ගිය වේලේ ලොකු හාමුදුරුවන් සමග කතා කරන්න ඉඩක් ලැබුණා.

හාමුදුරුවෝ සමග සාකච්ඡා කරන විට නිතරම වාගේ නොයෙකුත් බණ කතාත් අහන්න පුළුවන්. ඉතා දැඩිව ශීලය රකින හාමුදුරුවන් නමකට බුදු හාමුදුරුවන් කිව්වාලු ඒ තරම් දැඩිව කිරීම නෙමෙයි අවශ්‍ය කියලා. ශීලයෙන් සමාධියට යන ප්‍රමාණය තමයි අවශ්‍ය කියන එකයි කියවෙන්නේ. ඒ වගේම සමාධිය අවශ්‍ය වන්නේ ප්‍රඥාවට යාම සදහායි. දුන්නක් ඉතා වැර යොදා ඇද්දට වැඩක් වන්නේ නැහැ. ඉලක්කය ගැනීමයි වැදගත් වන්නේ. උන්වහන්සේ මේක කිව්වේ වාරිමාර්ග සහ කෘෂිකාර්මික ඵලදායිතාව අතර මම නිතර කියන උදාහරණය කිව්වහම ඒකට ඌනපූරණයක් හැටියට. ඒ කියන්නේ වාරිමාර්ග කරන අයට කාලයක් ගියාම අමතක වෙනවා වාරිමාර්ග සියල්ල කරන්නේ කෘෂිකාර්මික පලදාව ඉහල නැංවීම අරමුණු කොට ගෙන කියන එක. ඒ අනුව වාරිමාර්ග කාර්යක්ෂම කරන්න වෙහෙසෙනවා.


ඹය අතරේ කාර්යාල වැඩ ගැන කතාව යොමු වුනවිට විෂයානුබද්ධ වැඩ වලට වැඩවලට අමතරව පරිපාලන වැඩ වලට විශාල වේලාවක් කැපකරන්න සිදුවීම ගැන කතාවුණා. හාමුදුරුවන් කීවේ ඒවගේම පවුල් ආරවුල් ආදිය හන්දා මිනිසුන්ට පූර්ණ කැපවීමක් රාජකාරිය සදහා යොදන්න බැරිවීම ගැන. රටක අවුල් වුනු පවුල් ප්‍රතිශතය වැඩි වුනහම ඒක රටේ දියුණුවටත් බලපානවා. බටහිර බොහෝවිට සිදුවෙනවා යැයි කියන පරිදි මේ ප්‍රශ්න පැසව පසැවා ඉන්නේ නැතිව හිත හොදින් කතා කර සෘජු තීරණ වලට ගියා නම් මේ තත්ත්වය අඩු වන්න තිබුණා  

Thursday, September 21, 2017

ජාතික සම්පත් විකිණීම තුලින් රටක් සංවර්ධනය කළ හැකිද?

ඊයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේදී පැවැත්වුණු සාකච්ඡාවක මාතෘකාව තමයි ඉහතින් දක්වා ඇත්තේ. ඒ වැඩසටහන නම් කර තිබුණේ critical circle කියා. මට මතක් වුනේ නෙදර්ලන්තේ ඉගෙන ගත් කාලයේ නේවාසිකාගාරයේ මුළුතැන්ගෙයක රැස්වෙලා අවිධිමත් ලෙස විවිධ මාතෘකා ඔස්සේ කළ කතා පසුව kitchen talks නමින් ප්‍රසිද්ධ මතවාද වේදිකාවක් බවට පත්වූ හැටි. පසු කාලීනව එයට ආචාර්ය මහාචාර්යවරුන්ද සමබන්ධ වුණා. ඔය අතරතුරේ වයින් බෝතල් කිහිපයකුත් හිස්වීම අනිවාර්යයි.

ඊයේ වැඩසටහනට ආවොත්, ඒක තිබුනේ විශ්ව විද්‍යාලේ canteen එකක. තරමක් විශාල ස්ථානයක් හන්දා loudspeakers යොදා තිබුණා. මාතෘකාව කාලීන සහ උනන්දුව ඇති කරනසුළු එකක් වුවත් හෙට පැවැත්වීමට නියමිත සයිටම් විරෝධී වැඩවර්ජනය මෙන්ම වැහිබර ගතිය වැනි සාමාන්‍යයෙන්ම පැන නගින හේතු හන්දා සහභාගිත්වයේ අඩුවක් දක්නට තිබුණා. මෙයට සහභාගිවුන අනෙක් කතිකයින් තුන්දෙනා අතරින් මගේ විශ්වවිද්‍යාල ආචාර්ය සගයා ඇරුනුවිට තරමක් වැඩිමහලු සමූපකාර පක්ෂය යැයි කියන පක්ෂයේ නායකයා සහ කාරක සභිකයෙක්. ඔවුන් සමග නිදැල්ලේ කතා කරමින් සිටින විට මට ඇතිවුනේ බියක්. (බිය ඇතිවුනේ මේ අය සමග සංවාද කරන්නේ කොහොමද කියා සීතීමෙන්) මොකද ඔවුන් කතා කරන්නේ ඇමරිකන් අධිරාජ්‍ය විසින් ලෝකයම ගිල ගන්නා හැටි සහ අපේ රටවල ජාතික රජය කියන ඒවා නැතිවී යන හැටි ආදී මාතෘකා. වැඩිවෙමින් පවතින ආදායම් විෂමතාව පිළිබද ඔවුන් දැක්වූයේ දරිද්‍රතාවයේ නව ප්‍රවනතාද සදහන් කරමින්. මේක කියන කොට මට මතක්වුනේ අපේ හිතමිත්‍ර ධම්මික බණ්ඩාරගේ දේශනයකදී (මතක හැටියට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කරපු සහ මේක අන්තර්ජාලයේ තියෙනවා) කියූ දෙයක්. ඒ තමයි රජසැප කියන එක කාලයෙන් කාලයට සාපේක්ෂයි කියන එක. ඒකාලේ සෙමෙර පවන් සැලීම ගැයුම්වැයුම් ආදිය රජ සැප. අද ඕනම පැලක පවා FAN එකක් ටී.වී හෝ අඩුගානේ RADIO එකක් තියෙනවා. ඒ කාලේ හැටියට නම් මේවා රජසැප තමා.


රාත්‍රී නමය පමණ වන විට මොරසූරන වැස්සක් වැටීම හෙතුවෙන් ටකරන් වහලෙන් යුතු කැන්ටිම ඇතුලේ LOUDSPEAKER හඞ පවා නෑසි ගිය නිසා අපට සංවාදය තරමක් අතරමග නවත්වන්නට සිදුවුණා. කොහොම වෙතත් මේ වගේ විශ්ව විද්‍යාල සිසුන් අතර සංවාද ඇතිවීම දිරිගැන්වීමට අවශ්‍ය කාරණයක්. අමතර පැය කිහිපයක් ඒ සදහා ගතවුනත් ඒ ගැන සතුටු වන්න පුළුවන්. මේක ආරම්භ කරපු ආචාර්‍ය ටියුඩර් වීරසිංහටත් මේ ගැන ස්තූතිවන්ත විය යුතුයි. 

Thursday, September 7, 2017

සොදුරු සැමරුම්

සති කිහිපයකට පෙරාතුව බණ්ඩාරවෙල නගරයට ගියේ පාසල් නේවාසිකාගාරයේ මිතුරු හමුවක් සදහා සහභාගීවීමට. එය නම්කර තිබුණේ 70 දශකයේ නේවාසික සුහද හමුව කියා. ඒකාලේ කුඩා ළමයින්ව හිටපු අය වයසට යාමට අමතරව බොහෝ දෙනෙක්ගේ දරුමල්ලන්ද මෙයට සහභාගී වීම නිසා එය අළුත් අත්දැකීමක්. සමහර මිතුරන් එකිනෙකා හමු වුනේ අවුරුදු තිස් ගණනකට පස්සේ. පුදුමයකට වගේ එක් එක් චරිතවල ලොකු වෙනසක් දැක්කේ නැහැ. ඉස්සර තිබුණු කෙළිලොල්කම් නැවත මතුවන්නට ටිකක් රෑබෝවුනා. මේ උණුසුමත් එක්ක බණ්ඩාරවෙල සාමාන්‍යයෙන් රෑට පවතින සීතලත් අපට දැනුනේ නැහැ.  ආපසු එන අතරේ අපේ ලමා කාලයේ නිවාඩු දින ගත කරපු තැන් වලටත් ගොහින් බලන්න වෙලාවක් සොයා ගත්තා.    




Tuesday, August 22, 2017

අවබෝධය

දින ගණනාවකට පස්සේ ගමේ පන්සලේ හාමුදුරුවන් හමුවෙලා කතාබස් කරන්න වෙලාවක් ලැබුණා. උන්වහන්සේ හැමදාම අලුත් දෙයක් අළුත් අත්දැකීමක් කතා කරනවා. පසුගිය දිනවල ප්‍රදේශයේ පවතින ප්‍රධාන රෝහලක සිදුකරපු  වැඩක් ගැනයි උන්වහන්සේ පැවසුවේ. එනම් නොසැලකිල්ල සහ වෙනත් නොයෙකුත් හේතු නිසා භාවිතයෙන් ඉවත්කර ඇති රෝහල් උපකරන ආම්පන්න ආදිය කාර්මිකයන් ගෙන්වලා නැවත ප්‍රතිසංස්කරණය කරළා දෙන වැඩක්. හාමුදුරුවන් තමන්ගේ හිතේ උත්තරයක් තියාගෙන ඇසුවේ ඒ ගැන අදහස. ඒ වගේ වැඩසටහන් වලට කියන්න පුළුවන් අදුරට සාප කර කර ඉන්නේ නැතුව එක් පහනක් හෝ දැල්වීම කියලයි. ප්‍රශ්නය වන්නේ මේ වැඩසටහන් කොයි තරම් දුරට පවත්වාගෙන යා හැකිද කියන එක. අනෙක් පැත්තෙන් සමාජයේ ඒක් එක් කණ්ඩායම තමන්ගේ භූමිකාව හදුනාගෙන ඒ තුල ක්‍රියාත්මකවීම වැදගත්. බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියොත් හැමදාම අවුලක්. විවිධ සංවිධාන මගින් දුෂ්කර ගම්මාන වල යටිතල පහසුකම් සංවර්ධනය කරන්න යාමත් මේ වගේ වැඩක්. ඒ ඇති කරන වත්කම් නඩත්තු කරන්න අයිතිකාරයෙක් නැතිවීම එහි එක ප්‍රශ්ණයක් විතරයි. සැලසුම් නැතැයි කියා විවේචනයට ලක්වන රජයේ ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් යම් තරමකට හෝ අවුල් වීම හා ඒ තුලින් ගමට එන්න තිබුණු වඩා ස්ථිර ප්‍රතිලාභ නොලැබී යාම හෝ ප්‍රමාද වීම ආදී කරුණු බොහොමයක් අත්දැකීම් හරහා කියන්නට පුළුවනි.  

ධර්මය දැනගැනීම සහ පිළිපැදීම නැත්නම් නියම වශයෙන් තේරුම් ගැනීම ආදිය ගැන අපේ හාමුදුරුවන් කතා කළා. අවබෝධ කරගැනීම යන්නට බුදුන් වහන්සේ පද කිහිපයක් යොදාගෙන තියනවා. සම්ප්‍රජානය සහ ඊට ලගින් යන පද කිහිපයක් උන්වහන්සේ කියුවා. (NOTE BOOK එකක් අරන් යන්නේ නැති හන්දා ඒවා ලියා ගන්නට බැරි වුණා.) මේවයෙන් කියවෙන්නේ යමක් අවබෝධ කරගැනීමේ එක් එක් මට්ටම් ගැන. උදාහරණයක් හැටියට අද ඉන්න බොහෝ හාමුදුරුවන් ධර්මය විෂයක් හැටියට දන්නා නමුත් එය නිසි ලෙස අවබෝධ කරගන්න උත්සාහයක් නැහැ. ඒත් සමහරවිට මාර්ගඵලයක් ලැබූ කෙනෙක් වුනත් සමහර ධර්ම කරුණු ගැන විෂයක් හැටියට විස්තර කරන්න නොදැන ඉන්න පුළුවන්. මේවා ගැන උන්වහ්සේ තව බොහෝ විස්තර කළා.

ඔලුව ටිකක් අවුල් වෙලාවකට පන්සලට ගිහින් හාමුදුරුවන් සමග කතා කරන්න ලැබීම හරහා ශාන්තියක් සිතට දැනෙනවා. ඒක කෘතිමව නැතුව ඉබේම වාගේ කෙරෙනවා නම් තමයි එහෙම වෙන්නේ. හාමුදුරුවන් සමග කතාබහ කරන අතර උපාසක උපාසිකාවන් ඇවිත් නොයෙකුත් වත් පිළිවෙත් පංසලේ කරනවා අපට පෙනෙනවා සහ ඇහෙනවා.  

සමහර වෙලාවට නිදහසේ පුංචි අඩියක් ගහන්න තැනක් තිබුනා නම් ඒකත් අර වගේම ප්‍රයෝජන වෙන්න ඉඩ තිබුණා. ඒත් එහෙම තැන් අපේ වටපිටාවේ අඩුයි. කොහොම වුනත් පන්සලට යාම සහ හාමුදුරුවන් සමග කතා කිරීම පුංචි අඩියක් ගහනවට වඩා හොද බව යථා අවබෝධයෙන්ම තේරුම් ගන්න පුළුවන් නම් හොදයි.



Monday, August 7, 2017

රාළද ගෝනි පඩංගුවේ ඉන්නේ

බොහොම කාලෙකට පස්සේ අපේ ගමේ තරමක වැඩිහිටියකු සමග කතාබහක යෙදෙන්න වෙලාවක් ලැබුණා. එහිදී කියවුනේ හැත්තෑව දශකය දක්වා ගම ආශ්‍රිතව පැවැති කරත්ත නැතිනම් ගැල් සංස්කෘතිය ගැන. ඒ කාලේ භාණ්ඩ ප්‍රවාහනය කරන්නට ගැල් විශාල වශයෙන් භාවිතා කළ බව දැනගන්නට තියෙනවා. ඉංග්‍රීසි ආණ්ඩුව පැවති කාලයේ තමයි පානදුර සිට නාර්තුපාන දක්වා සහ පසුව රත්නපුර දක්වා පාර තනා ඇත්තේ. ඒ අදාල ප්‍රදේශ වලින් එහි නිපදවෙන භාණ්ඩ කොළඔට ප්‍රවාහනය කරන්නයි.  ඒ තරම් මතකයක් නැතත් (හැට හැත්තෑව දශකවල) පානදුර හොරණ පාරේ ඒ දිනවල මහ රෑටත් මිණි ගෙඩි හඩ පතුරමින් ගැල් ගමන් කළ බව කියැවෙනවා. ගැල් ගැන කියනකොට වර්ග කිහිපයක් දකින්නට පුළුවන් වුනා. අපේ පලාතේ තිබුණේ බරබාග සහ තනි ගොනා බදින කරත්තයි. ඊට අමතරව තිරික්කලද දකින්නට ලැබුණා. බරබාගය පාවිච්චි කළේ කෙටිදුර භාණ්ඩ ප්‍රවාහනයට. වඩා දුර යන ගමන් වලට කරත්ත පාව්ච්චි කළා. තිරික්කල බම් පසුකාලීනව දකින්නට ලැබුණේ අවුරුද්දට පවත්වන තිරික්කල රේස් වලදී. මෝටර් රථ මගින් ආදේශවීමට පෙර ගම්වල යමක් කමක් ඇති අය ගමන් බිමන් යාමටයි තිරික්කලය පාවිච්චි කලේ. කරත්තකරුවා සහ ගොනා අතර බැදීමත් ඉතා සමීපයි. අපේ ගමේ තිබුණු කරත්තය අනතුරකට මුහුන දී ගොනාට තුවාල වුනහම අයිතිකරු විලාප තියා අඩන්න ගත්තා.    

රයිගම හන්දියට නුදුරින් මේ ගොනුන්ට ලාඩම් ගහන කම්මලක් තිබූ බව බොහෝ දෙනෙක් කියනවා. ඊට අමතරව ගැලනිගම හන්දියට ඒ කියන්නේ අදනම් දකුණු අධිවේගී මාර්ගයේ ගැලනිගම අන්තර් හුවමාරුවට නුදුරින් තැබෑරුම් වත්ත නම් වත්තක් ඇති බව තමයි කියවුනේ. ඒ නම ලැබී ඇත්තේ ගැල්කරුවන්ගේ නවාතැන්පොලක් එහි තිබූ හන්දා. එහි එක අංගයක් තමා තැබෑරුම. ඒ විදිහට බැලුවහම ගැලනිගම යන නම ලැබී ඇත්තේ ගැල්-ඇණි-ගම යන්නෙන් කියා හිතන්න පුළුවන්. මේ වගේ ආදී කාලේ ගම් වල නම් ඉතාම ව්‍යක්ත භාෂාවෙන් යෙදී ඇති බව පේනවා. භාන්ඩාර ග්‍රාම - බණ්ඩාරගම, ගුමු ගුමුව - ගුංගමුව, ආලෝකපිල - ලෝකපිල, රාජ ග්‍රාම - රයිගම මේ සියල්ල ඊට උදාහරණයි.


අනෙක් පළාත් වලිනුත් මේ වගේ උදාහරණ ඕනාතරම් සොයා ගන්න පුළුවන්. සරුවන්කෙත - හගුරන්කෙත, මහතලාව - මාතලේ, මහීඅංගනය - මහියංගනය එකපාරට මතක්වුනු උදාහරණයි.    

Friday, July 28, 2017

නවාතැන් පල ඔබයි


 

තාවකාලිකව හෝ ගමේ සිට නැත්නම් මහගෙදර සිට රැකියාවට එන්න ලැබීම අළුත් අත්දැකීමක්. ඒ සදහා පැය එකහමාරක කාලයක් ගතවෙනවා. අබලන් වූ පාරවල, බස් නැතිව වරු ගනන් රස්තියාදු වුණු හැටි මතක් වෙනවා. ඒත්ඒ කාලේ දී අපි ඒක දුකක් ලෙස සිතුවේ නැහැ. දැන් පාරවල් බොහොම දියුණු වෙලා ප්‍රවාහන සේවාවන්ද සෑහෙන දියුණු වෙලා. ඉතා කුඩා අතුරු පාරවල් පවා කාපට් කරලා. මගේ ලියවිලි කියවන මගේ යාළුවෙක් මට කිව්වා වඩා පෞද්ගලික දේ කියලා හිතෙන දේවල් ලියන්න එපා කියලා, ඒකෙන් කාටවත් වැඩක් වෙන්නේ නැතිනම්. ඒක මම පිලිගන්නවා. ඒ අනුව බැලුවහම හිතේ තියෙන දේවල් යම් ආකාරයකට හෝ සැහැල්ලු කරගන්න ලියවිල්ල පාවිච්චි කරන්න බැරි වෙයි. පසුගිය ලියවිලි බැලුවහම ඒහෙම ලියවුණු ඒවාත් ඇති බව මතක් වෙනවා.

කල්පනා කරලා බැලුවොත් අපි ඔක්කොම ඉන්නේ තාවකාලික නවාතැන් වල තමයි. මැදිවියට එනවිටත් (ස්ථිර?)ගෙයක් දොරක් හදා ගන්න බැරි වුනහම අසාර්ථකයි කියලා අපි බොහෝ විට කියනවා. නමුත් අපේ සබ්බ සකලමනාව එක එක තැන් වල තියෙන කොට පොඩි අවුලක් තියෙනවා. අවශ්‍ය වෙලාවට පොත් එකතුවෙන් අවශ්‍ය පොත සොයා ගන්න බැරි වුනොත් හෝ අවශ්‍ය වෙලාවට අවශ්‍ය සංගීතයක් අහන්න බැරි වුනොත් හෝ චිත්‍රපට වීඩියෝවක් බලන්න බැරි වුනොත් වගේම කිසිම දෙයක් නොකර ඔහේ ඉන්න ඕන වුනොත් එහෙම කරගන්න බැරි වෙන එක අවුලක්. ඒ හන්දා තරමක් හෝ ස්ථිර නවාතැනක් තියෙන එක වටිනවා.

ඕස්ට්‍රේලියාවේ ජීවත්වුණු ඩී.බී. කුරුප්පු මහතා අභාවප්‍රාප්ත වූ බව දැනුම් දී තිබුණා. ඔහුගේ ජීවිතය අළලා ලියු පොත් වල පෞද්ගලික තොරතුරු නොසගවා ලියා තිබූ බව මතකයි. වයසට යන විට විවෘතභාවය වැඩි වෙනවා ඇති. ඒ වගේම දේවල් දිහා උපේක්ෂාවෙන් බලන්න අපි පුරුදු වෙනවා. (ඒ ඇරෙන්න වෙන කරන්න දේකුත් නැති වෙනවා.) හොරණ ඉපදුනු කෙනෙක් වශයෙන් මෑත ඉතිහාසයේ යම් යම් දේ දැන ගන්න මම කුරුප්පු මහතාට ඊ මේල් එකක් යැවූ විට ඉතා උනන්දුවෙන් මට පිළිතුරු එවා තිබුනේ ගිය අවුරුද්දේ බවයි මට මතක.

ඉරිදා අපි අපේ මාමා කෙනෙකුගේ පරන යාළුවකු හම්බ වෙන්න කරන කියන ගමට ගියා. ඒ සහා පානදුර රත්නපුර මාර්ගයේ ඉංගිරිය පසුකොට මඩල හන්දිය දක්වා ගොස් එතනින්  වම් පැත්තට හැරී කිලෝමීටර හය හතක් යන්න ඕනා. පානදුර- රත්නපුර මාර්ගයේ බොහෝ වාරයක් ගමන් කර ඇතත් මේ අතුරු මාර්ගයේ යන්න ලැබුණේ පලමු වතාවට. තවම නාගරීකරනයට අසුවී නැති ගම් පළාතක්. ඒ වගේම අපි බලන්න ගිය මාමාගේ යහළුවාත් ගමේකම් තවම තියෙන කෙනෙක්. විශ්‍රාමලත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. අපි ඔහුව බලන්න ගියේ ලොකුවට plan කරලා නොවෙයි. ඒකත් අර ඉබාගාතේ යන්න අවශ්‍ය වෙලාවක ඒකට ලැබුණු නිදහස පාවිච්චි කිරීමක්.

 

Saturday, July 1, 2017

කෙටි සටහන්

නිතිපතා ලියන එක මගහැරී ගියේ ගෙවල් මාරුව සහ ගෙදර තිබුණු laptop දෙකම අබලන් වීම හේතුවෙන්. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ‘ඇත්ත යුත්ත පොත කියවන්නට ලැබුණා. එය 1955 දී  ප්‍රකාශයට පත් වූ පොතක්. එහි දක්වා ඇති බොහෝ දේවල් අදටත් වලංගුයි. එහි අපේ අඩුපාඩු යන පරිච්ඡේදයේ මෙසේ සදහන් වෙනවා.

‘ජාතික පුස්තකාලයයි කිවහැකි පුස්තකාලයක් අපට ඇතිතේම නැතිය.ජාතික රංග පීඨයක් අපට නැතිය. අපේ රටත් අතීතයත්, අපේ සංස්කෘතියත් සිහි කරවන ප්‍රධාන පන්තියේ විනොද ස්ඨානයක් අපට තවම නැතිය. කටුගෙය පවා එවැනි තැනක් ලෙස තවම හැදින්විය නොහැකිය. තවමත් එය කටුගෙයක්ම වන බැවිනි.  
මේ වගේ එහි තිබෙන බොහෝ පරිච්ඡේද අපට නැවත කියවන්න හැකියි. මොකද සමහර අංශවල යම් යම් දේ සිද්ධ වෙලා තියෙන බව පෙනුනත් ඔහු පෙන්නා දෙන මූලික ප්‍රශ්ණ වලට එයින් විසදුම් ලැබී ඇත්ද යන්න ප්‍රශ්ණයක් හන්දා.

නිවැරදි ප්‍රතිපත්ති හරහා සාමානයෙන් අමාරුයි කියා පෙනෙන දේවල් පවා වෙනස් කරන්න පුළුවන් බව කලිනුත් ලියා ඇති. සෞඛ්‍ය හේතු මත පැනී හා පළතුරු බීම වල සීනි මට්ටම අනිවාර්යයෙන් පෙන්වීමේ නීති මෑතදී ගෙනාවා. ඒත් එක්කම අධික සීනි සහිත බීම සියල්ලේම සීනි ප්‍රමාණය අඩුම ගානේ මධ්‍යම මට්ටමට ගෙනා බව දැකගන්නට ලැබුණා. ඒ විදිහට කල්පනා කළා නම් කුණු ප්‍රශ්ණයටත් විසදුම් සොයා ගන්න තිබුණා. පොලීතීන් සීමා කිරීමටත් ඒ වගේ තීරන විටින් විට ආවත් ඒවා යට ගියා.

ධර්මසේන පතිරාජ ගේ කලා දිවියට අවුරුදු පනහක් පිරුණා. අහස් ගව්ව සහ පාර දිගේ වැනි අනන්‍යතාවයකින් යුත් චිත්‍රපට කිහිපයක්ම ඔහු නිර්මාණය කළා. පාර දිගේ අපේ රටේ විචාරකයන් අපොහාසත් වුනු  බව ඔහු කියා තිබුණා. අවුරුද්දේ හොදම චිත්‍රපට 10 අතරටවත් එය අවේ නැතිලු. විචාරකයින් විතරක් නොවෙයි ප්‍රේක්ෂකයින් කී දෙනෙක් ඒක අල්ලා ගත්තාද කියන්න බැහැ. මොකක්දෝ ඉවක් හේතුවෙන් අපි ඒවා බලන්න ගියා. මැද මාවතේ තිබුණු එච්.ඩී. ප්‍රේමරත්න, සුමිත්‍රා පීරිස් යන අධ්‍යක්ෂ වරුන් වගේම ටිකක් අමුතු රීතියක ගිය සුගතපාල සෙනරත් යාපාගේ ඉන්දුට මල් මිටක් වැනි චිත්‍රපටත් අප ප්‍රිය කල පව මතකයි. 

Tuesday, June 13, 2017

අවුරුදු දහයක් පමණ වාසය කරපු නිල නිවාසය අතහැර යන්න වෙලා. මට මතකයි මේ නිවාසය එවකට හිටපු අපේ ආයතන ප්‍රධානියා ලබා දුන්නේ බලෙන් වගේ. මොකද එතකොට මම රෑ වෙනකල් වැඩ කරන නිසා. ඒ දවස් වල මම කළුතර සිට කාර්යාලයට ආවේ. ඇත්ත වශයෙන්ම ඒ දවස්වල සමහර දිනක ගෙදර එනවිට රෑ දෙකයි. (හැමදාම නොවේ.) දැන් ගෙදර accumulate වෙලා කියෙන බඩු pack කරන විට මේ අවුරුදු දහයක ඉතිහාසය හාරා ඇවිස්සෙනවා. ඒ ඇතුලේ තියෙන සුන්දර සහ අසුන්දර අත්දැකීම්, හපන්කම්, මෝඩකම් වගේම දහඩිය මේ හරහා මතක් වෙනවා. කෙසේ වෙතත් ලොරි දෙකකින් පටවා ලෙන ආපු බඩු ප්‍රමාණය දැන් ලොරි තුනකටත් වැඩි වෙලා. පොත් රාක්ක තුනක් සහ විශාල පොත් සංඛ්‍යාවක් එකතු වෙලා. විශේෂයෙන් ඡායාරූප එකතුව දිහා නැවත බලන විට මිහිරක් විදින්නට පුළුවනි. දෙන්න දෙමාල්ලන් වයසට යනවිට දරුවන් උස්මහත් වෙලා.


මේ අතරතුරම ගංවතුර ආපු හන්ද අපේ මාරුව තරමක් ප්‍රමාද වුණා. ගංවතුර ගැන කිව්වහම අපි පුංචි කාලේ ඒක විනෝදයක් වුණා, එහෙම නැත්නම් ගංගා ද්‍රෝණිවල ජීවත්වුනු ආදි ශිෂ්ඨාචාර වාසීන්ගේ සිට    ගංවතුරත් සමග සහජීවනයෙන් මිනිස්සු ජීවත් වුණු බව හිතන්නට පුළුවනි. (ඒත් ගංවතුරට අහුවෙච්ච අයට එය සෙල්ලමක් නොවන්ට ඇති. ) ගංතුර ගලා උතුරා යයි වගේ ගීත හැදුනේ ඒ හන්දා වන්න ඇති. දැන් වන විට එය උඩුයටිකුරු වෙලා. බොහෝ කාලයක් තිස්සේ මිනිස්සු කරපු නීතිරීති කැඩීම්, අක්‍රමිකතා වල ප්‍රතිථල දැන් ලැබෙනවා වගේ. 





නුවර කච්චේරියට ගිය රාජකාරි ගමන අතරතුර. අපි කලින් දවසක trip එකක් යන විට දවලිට බත්මුල් ලිහා කාපු කඩපිල ඡායාරූපයට නගන්න ගත්ත දුර්වල උත්සාහයත් (ගමන් කරන රියේ සිට)  මෙහි තියෙනවා. 

Friday, April 28, 2017

ආවර්ජනා

බන්ධුල නානායක්කාරවසම් නමැති  ප්‍රවීන ගේය පද රචකයා විසින් ලියපු ඹහුගේ සවයං චරිතාපදානයේ ළමා කාලය නිරූපනය කරන පළමු කොටස වන “එනු කොහි සිට” කියවූවා. එක හුස්මට කියළා ඉවර කරන්න පුළුවන් වගේම හදවතට කිට්ටු ලියවිල්ලක්. ඹහු කියා ඇති ආකාරයෙන්ම එය පාඨකයාගේ කතාවයි. දූ පුතුන් කිහිප දෙනෙක් ඉන්න ගෙදරක් අද බොහෝ ගෙවල්වල ඉන්නා එක් දරුවෙක් හො දෙදෙනෙක් ඉන්න ගෙවල්වලට සාපේක්ෂව කොයිතරම් live ද කියළා මේ පොත කියවන විට නැවත මතක් වෙනවා.

2013 දී මගේ නිම්වළලු එළි දක්වපු වෙලාවේ ඒ සහා කථිකයින් හොයා ගන්න මම සෑහෙන මහන්සි වූණා. එක්තරා මහාචාර්ය කෙනෙකුට ආරාධනා කළේ මගේ යාළුවකුගේ යෝජනාවක් මත. ඹහු එයට කැමති වුනේ නැහැ. තවත් කිහිප දෙනෙක් සළකා බැළුවත් ඒවා හරිගියේ නැහැ. එහෙම වෙලාවක අපේ ඥති සහෝදරයෙක් නානායක්කාරවසම් මහතාව හුන්වා දුන්නේ. එතුමා එය බාර ගත්තේ නොපැකිලව. ඹහු එදා සාරගර්භ කතාවක් කරමින් පොත ගැනත් සාධාරනව අදහස් ඉදිරිපත් කළා. එම පොතේ තිබූ මගේ චින්තන විප්ලවය නම්වූ නිසැදැස ගැන ඹහු කීවේ ‍අළුත් ගෙයක් හදලාත් පරණ ගෙදර නොකඩා එය පාවිච්චි කරන බොහෝ දෙනෙක් එම පළාතෙත් ඇති බවයි. චින්තන විප්ලවය කියා මා අදහස් කළේ භෞතිකවාදී න්‍යායන් කොයිතරම් උගෙන ගත්තත් සමහරවිට විඥානවාදයෙන් බැහැර වන්නට බැරි මනස ගැන බව මා කළිනුත් ලියා ඇති. මගේ නිසැදැස ඒක පිටතට පෙනෙන්න තරම් ශක්තිමත් නැතුව ඇති. එදා මා කළ කතාව ගැන බොහෝ දෙනෙක් නොසතුට ප්‍රකාශ කළ බව මතකයි. මගේ කතාවට එනවිට ඇත්ත වශයෙන්ම ( පළමු වතාවට නොවේ) මට ඒ අවස්ථාව ගැන විශාල කම්මැලිකමක් ඇති වෙලා. එයට හේතු දක්වන්නට අමාරුවුනත් මොකක්හරි කියළා ඒක ඉවරකරළා යන්න අවශයතාවයක් තමයි ඒ වගේ වෙලාවට ඇති වන්නේ.

එහෙත් අවුරුදු කිහිපයකට පස්සේ ඊයේ පෙරේදා දෙවන පොත එළි දක්වන විට මා එය ගැන සිතූහැටි වෙනස් බවයි මට කියන්න ඹ්නා වුණේ. පළමු වතාවේ එළි දැක්වීම සහා මා දිරිගැන්වූවේ මා හිත මිත්‍ර ආචාර්ය ටියුඩර් වීරසිංහ. මේ වතාවේ පන්සලේ හාමුදුරුවන් සහ අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය. ඒත් මේ පාර කථිකයන් සොයා අප මහන්සි වුණේ නැහැ. කවුරුවත් ආවේ නැත්නම් අපි එකතු වුණු කට්ටිය හා හාමුදුරුවන් හා මම කතා කරන්න සූදානමින් සිටියේ. ඒ කියන්නේ ‍කතාව හරහා මතුවන ‍තේමාව ගැන. මා ආධුනික බවින් ඉවත්වී ප්‍රවීනයෙක් වුණා කියළා හැීමක් ඇතිවී එහෙම නොවෙයි. පොතක් පාඨකයින් අතරට පත්කිරීමේ තේරුම මොකක්ද කියා වැඩියෙන් තේරුණු හන්දා කියන්න පුළුවන්. කොහොම වුනත් අපිට ඉතාම හොද ආරාධිත දේශක දෙපොලක් ලැබුන හන්දා මගේ කතාව හකුලාගන්නට සිදු වුනේ වැඩියම රෑ බෝවූ හන්දා.


Wednesday, April 26, 2017

පොත් පත්

මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ උපන් දා සිට කෘතියේ බාල විය කතාව කියවීමෙන් ලත් ප්‍රබොධය හේතුවෙන් ගොඩගේ පොත් සාප්පුවට දින කිහිපයකට පෙර ගොඩ වැදුනු වෙලාවේ උපන් දා සිට සම්පූර්ණ පොත එනම් බාල විය - තරුණ විය - මැදි විය පොත මිලදී ගත්තෙමි. මේ පොත අපේ මහගෙදර තාත්තාගේ පොත් එකතුවෙහි තිබූ බව මගේ මතකයයි. ඒ කාලයේ එය සම්පූර්ණයෙන් හෝ කඩින් කඩ මේ පොත කියවූ බවත් මතක තිබේ. එහෙත් අනෙක් බොහෝ පොත් සේම මෙයත් සැමදා අළුතින් කියවිය හැකි පොතක් සේ පෙනේ.
කාල වකවානු වෙනස් වූවද ළමා ලෝකයේ හැීම් කෙතරම් සමානදැයි මේ පොත් කියවන විට සිතෙනවා. මාර්ටින් වික්‍රමසිංහයන් මෙය නම් කර ඇත්තේ ඒකරූපතාවය කියා. මා මීට පෙර කියූ චාල්ස් ඩාවින්ගේ මගේ මනස වැඩුණු සැටි පෙතේ කුඩා චාල්ස් බෝඩින් පාසලක නවත්වා උගෙන ගන්නා කාලයේ ගෙදර ගොස් ඒමට ඇති කැමැත්ත ගැන ලියා තිබේ. මාර්ටින් වික්‍රමසිංහයන් ගාල්ල බොනවිස්ටා පාසලේ උගෙන ගන්නා කාලයේ මාගාල්ලේ පිහිටි ආච්චිගේ ගෙදර සිට සෑම සිකුරාදාකම ඥාතියකුගේ අස්රියෙන් කොග්ගල පිහිටි මහ ගෙදරට පැමිණි බව ලියා තිබේ. දිනක් එම ඥාතියා නොපැමිණීම නිසා අුරු වැටී ඇතත් හැතැප්ම අටක මග ගෙවා කොග්ගලට පැමිණි බව ඹහු ලියා ඇත. ගෙදර සහ සහ ගැමි පරිසරය එතරම් ආදරයෙන් වැළ ගන්නා බව ඹහු කිහිප පොළකම ලියා ඇත. ටී.බී. ඉලංගරත්නයන්ගේ විලම්බීත නවකතාවේ තිලක ගෙදර ගෙනයාමට තාත්තා නෙපැමිණි දිනක ඹහු තනිවම ගෙදර එන්නේ ‍විද්‍යාලයටත් නොකියා. එය දැන ගන්නා පියා ඹහුට කිසිදු දඹුවමක් කොදෙන්නේ ඉන් ඹහු සති අන්තයේ දවස් දෙක ගෙදර ගත කරන සංතෝශය නැති කරදමන්නට අකමැත්තෙන්.

පොත් දෙකක් ඇත්තෙන්ම තුනක් ලියා පළ කළ පසු තවත් පොත් ලියන්නට අසාවක් ඇතිවේ. මා විසින් බාගෙට හෝ සම්පූර්ණයෙන් ලියා පළ නොකළ ලිපි ගණනාවකි. බොහෝ ලිපි fine tune කර පත්‍රයකට හෝ සරාවකට යැවිය හැකිය. එහෙත් ඒ සහා නිදහස් කාලයක් අවශ්‍යවේ. පොත් වශයෙන් ගත හොත් බොහෝ කලකට පෙර ලියූ එහෙත් ප්‍රකාශනයට පත් නොකළ ළමා කතා කිහිපයක් ඇත. ඒවායේ අත්පිටපත් විනාශවෙමින් පවතී. යොවුන් සම්මාන වලින් දෙවන ස්ථානය දිනූ ළමා කතාවේ අත්පිටපතක් හෝ මා ල නැත්තේ එය තරුණසේවා සභාවට බාර දුන් බැවිනි. එය ඹවුන් පළ කළාදැයි දන්නේ නැත. ඒ කාලයේ photocopy යන්ත්‍ර නොතාබුණු හන්දා එහි පිටපතක් තබා ගැනීමට නොහැකි විණි. විශ්ව විද්‍යාලයේ උගෙන ගත් කාලයේ Gerald Darrel සත්ව චරියාවන් ගැන ලියැවුණු පොත් සියල්ලම පාහේ මිලදී ගෙන කියවූ බව මතකයි. ඒ හරහා සහ Zoo in my Backyard යන නම සහිත පොත කියවීමෙන් ලද ප්‍රබෝධය මත රක්ෂාවක් නැතිව ගමේ සිටි ටික කාලය තුළ ඒ අවට පරිසරය හා කළින් ඇසූ පිරූ දේ අලලා කුඩා ස්වභාව විද්‍යාත්මක පොතක් ලියූ බව මතකයි. එහි අත්පිටපත මෑතදී මට නැවත හමුවුනා. තාත්තාගේ පැරණි පුවත්පත් ලිපි එකතු කොට ඒවා ටයිප් කොට පොතක් ලෙස සකසා ඇතත් එයද නිම කරන්නනට තවමත් බැරිව තිබේ. 

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...