අහසින් පොළවට
පසුගිය
දවස් කිහිපයේ වූ අවිවේකී බව හන්දා සටහනක් තැබීම අතපසු වුණා. කොහොම වුණත් මොනොලොග් එකක් විදිහට මේ සටහන් පෙළ
පැවතීම ගැන මම සතුටු වනවා. එක පැත්තකින් ඩයලොග්
වලට වඩා මොනොලොග් මගේ ජීවිතයට
සමීපයි. කෙසේ වෙතත් මෙහි සටහනක් තැබුවහම රසිකයන් කිහිපදෙනෙකු හෝ ඒ වටා එක්වෙනවා
දකින්නට ලැබීම සතුටක්. ඒ ප‍්‍රතිචාරය මට හොඳටම ඇති වගේම ඉහළින් අගය කරනවා.
පසුගිය
දින කිහිපයේ අදහස් කිහිපයක් හිත ළග කැරකුණත්
ඒවා සටහනක් බවට පත් කරන එක පසුවට කල් දැම්මා. එක හේතුවක් තමයි එකදිගටම රුසියාවේ
අත්දැකීම් ලියන එක ඒකාකාරී වේ යැයි සිතූ
හන්දා. ඒ වුනත් එදිනෙදා ජීවිතයේ සිදුවීම්
වලට එක පාරටම එන්නත් අපහසුයි. මොකද කියනවා නම් මා ලියූ සටහන් වලින් ගෙනා වටපිටාවට
වඩා හාත්පසින් වෙනස් රාජකාරී මෙන්ම පෞද්ගලික වටපිටාවක අද ජීවත් වන හන්දා. ඊට
අනුරූපව සිතුම් පැතුම් ද යම් තරමකට හෝ වෙනස් නූණා යැයි කිව්වොත් එය බොරුවක්.
කනිෂ්ඨ
නිලධාරියකු විදිහට කොළඹින් පිට පළාත් වල රාජකාරී කරපු කාලේ ආශ්වාදජනක බව මා
කලිනුත් ලියා තිබෙනවා. බදුල්ලෙත්
අනුරාධපුරෙත් අවුරුදු දහයක් පමණ වැඩ කරලා කොළඹට එන්න හේතු වුණේ මූලිකවම මගේ
සමීපතමයකුගේ ඉල්ලීමක්. පර්යන්තයේ ඉන්නවාට වඩා වැඩි යමක් හරයට ආවාම කරන්න පුළු වන්
කියන අදහසින් තමයි කොළඹට ආවේ. කොළඹට ඇවිත් අවුරුදු ගණනක් යනකම් සියල්ල සිතැගි
පරිදි සිද්ද වුණා. ප‍්‍රශ්න ක‍්‍රමයෙන් වැඩිවන්නේ තනතුරෙන් ඉහළ යනකොට සහ යම්කිසි
විදිහකට සගයින් අතරින් කැපී පේන්න ගත්තහම. ඒත් ඒවන විට ආපසු ගමන් බැරිවන තත්ත්වයට
පත්වෙලා. දැනට රාජකාරී කරන ස්ථානය එතරම් අපි‍්‍රය නොවුණත් සමහර විට හිතෙනවා දිගටම
පර්යන්තයේ හිටියා නම් හොඳයි කියලා. එහෙම වුණා නම් මේ වන විට කොළඹට ආවත් සේවා
ස්ථානය වෙනස් වන්න හොඳටම ඉඩකඩ තිබුණා.
කොහොම
වුනත් කියමනක් තියෙනවා රස්සාවයි පරස්තාවයි සිදුවන්නේ දෛවයට අනුවයි කියලා.
No comments:
Post a Comment